බත් 'ගිල' මිය යයි

Onigiri Image copyright Thinkstock
Image caption 'ඔනිගිරි' ලෙස හඳුන්වන බත් ගුලි

තරගයට ආහාර අනුභව කිරීමේ උළෙලක් අතරතුර බත් ගුළියක් උගුරේ සිරවීම හේතුවෙන් පුද්ගලයෙකු මිය යාම පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.

'ඔනිගිරි' ලෙස හඳුන්වන බත් ගුලි පහක් මිනිත්තු තුනක් ඇතුළත ගිල දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටි එම පුද්ගලයා සිහි මූර්ඡා වී තිබේ.

නොවැම්බර් 13 වනදා ශිගා පළාතේ හිකොනේ නගරයේ පැවති උත්සවයකට සහභාගී වූ ඔහුගේ අනන්‍යතාව හෙළි කොට නොමැත.

රෝහල්ගත කිරීමෙන් තෙදිනකට පසු ප්‍රකෘති සිහි නොලබා ඔහු මිය ගිය බව තරග සංවිධායකයෝ ජපාන මාධ්‍යයට පැවසූහ.

තරගයට ආහාර ගිල දැමීමේ උත්සව ජපානයේ ජනප්‍රිය අංගයකි.

එසේ ආහාර ගිල දැමීමෙන් කෑම උගුරේ සිරවීම මෙන්ම උදර අභ්‍යන්තරයට හෝ ගලනාලයට හානි සිදුවිය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

සබැඳි විෂයයන්