රෝහින්ග්‍යා: බංග්ලාදේශය මියන්මාර තානාපති කැඳවයි

Policeman stands guard after catching Rohingya Muslims illegally crossing at a border check point in Cox's Bazar, Bangladesh, November 21, 2016 Image copyright Reuters
Image caption දේශ සීමා ඔස්සේ නීති විරෝධී ලෙස බංග්ලාදේශයට ඇතුළු වී රැඳවුම් භාරයට පත් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් කණ්ඩායමක්

දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම් බිම් හැර දමා බංගලාදේශය වෙත පළා ඒමට බල කෙරෙන මියන්මාර හමුදා ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය පළ කිරීම සඳහා බංගලාදේශ විදේශ අමාත්‍යංශය විසින් සිය අසල්වැසි මියන්මාරයේ තානාපතිවරයා කැඳවනු ලැබ ඇත.

මියන්මාර හමුදා මෙහෙයුම්, බංගලාදේශයට සහ සරණාගතයන්ට දරුණු විපාක ගෙන දීමට මුල් වී ඇති බව බංගලාදේශ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් විශාල සංඛ්‍යාවක් දේශ සීමා ඔස්සේ බංගලාදේශය වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි ඇතමුන් බලහත්කාරයෙන් නැවත පිටත් කරනු ලැබ තිබේ.

Image copyright Reuters
Image caption දේශසීමාවට නුදුරු රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වෙසෙන කඳවුරක්

සුළුතරයක් වන රෝහින්ග්‍යා වැසියන්ට අයත් ගම්මාන ගිනි බත් කරන බවට සහ නැවත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවට එල්ල වන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්