මළසිරුරු තිස්දෙකක් සහ මිනිස් හිස් නවයක් මෙක්සිකෝවෙන් මතුවෙයි

Image copyright AFP
Image caption 2013 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවන් අතර සටනකින් දරුවා අහිමි වූ මවක් විරෝධතාවයකට එක්වූ මොහොතක්

වල දමා තිබුණු මළසිරුරු තිස්දෙකක් සහ කඳින් වෙන්කළ මිනිස් හිස් නවයක් දකුණු දිග මෙක්සිකෝවේ ගුවේරෙරෝ ප්‍රාන්තයේ දීහ ගොඩගත් බව එරට බලධාරීහු පවසති.

මේ සතියේ දින තුනක් තුළ පොචෞඉස්කෝ ගම්මානයේ පොලොව හාරමින් කළ පරීක්ෂණවලදී හමුවූ එම සිරුරු කොටස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවූවන්ගේ බවට විශ්වාස කෙරේ.

මෙම කළාපය විවිධ කණ්ඩායම්වලට අයත් ජාවාරම්කරුවන්ගේ කෙළිබිමක් බවට පත්වී තිබෙන අතර ඔවුන් තම විරුද්ධවාදීන් ඝාතනයකොට වල දමා ඇති බව සැලකේ.

හමුදාව තවත් මළ සිරුරු සොයමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්