අලෙප්පෝහි තවත් 'බලප්‍රදේශයක්' සිරියානු හමුදා අතට

Syrian soldiers making a V for victory sign from a window of damaged building in Aleppo's eastern Masaken Hanano area in Aleppo province, Syria, 27 November Image copyright EPA/SANA
Image caption අලෙප්පෝ නගරයේ බලය යළි සියතට ගැනීමේ අරමුණින් සිරියානු හමුදාව සහ මිත්‍ර හමුදා එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන මෙහෙයුමක් දියත් කළහ

කැරලිකරුවන් අත පැවති අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ ප්‍රධාන භූමි ප්‍රදේශය සියතට ගත් බව සිරියානු හමුදා පවසති.

කැරලිකරුවන්ගේ පාලනය යටතේ පැවති භූමි ප්‍රදේශය මේවන විට කොටස් දෙකකට වෙන් වී ඇති බවත් සිරියානු හමුදා කියා සිටියහ.

එරට රාජ්‍ය රූපවාහිනිය සහ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණායතනය ද කියා සිටියේ සකුර් දිස්ත්‍රික්කය සිරියානු හමුදා අතට පත්වී ඇති බවය.

අලෙප්පෝ නගරයේ බලය යළි සියතට ගැනීමේ අරමුණින් සිරියානු හමුදාව සහ මිත්‍ර හමුදා එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන මෙහෙයුමක් දියත් කළහ.

දෙපාර්ශ්වය අතර ඇතිවූ දරුණු ගැටුම් හමුවේ කැරලිකරුවන් අත පැවති නැගෙනහිර අලෙප්පෝ නගරයේ විසූ සාමාන්‍ය වැසියෝ ඉන් පළා ගියහ.

වටකරනු ලැබ ඇති ප්‍රදේශ තුළ වෙසෙන පවුල් සිය ගණනකට උන්හිටි තැන අහිමි වී තිබේ.

Image copyright The Rumaf via AP
Image caption වසර හතරක් පුරා අලෙප්පෝ නගරයේ ඇතැම් කලාප කැරලිකරුවන් අත පවතියි

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකය.

ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.

ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රටවලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්