ලොව ප්‍රධාන නගර හතරක ඩීසල් වාහන තහනම්

2025 වන විට ඩීසල් යොදාගෙන ධාවනය කෙරෙන සියලුම මෝටර් සහ ලොරි රථ තහනම් කරන බව ලෝකයේ ප්‍රධාන නගර හතරක නගරාධිපතිවරු පවසති.

වායු දූෂණය අඩුකර, වායු ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම පියවර ගත් බව ද පැරිස්, මෙක්සිකෝ මැඩ්රිඩ් හා ඇතන්ස් නගරවල නගරාධිපතිවරු සඳහන් කරති.

වසරකට තිස් ලක්ෂයකට අධික පිරිසක් වායු දුෂණය හේතුවෙන් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවල දැක් වේ.

ඩීසල් වාහන වෙනුවට විදුලි මෝටර් රථ, දෙමුහුන් වාහන සහ හයිඩ්‍රජන් වාහන හඳුන්වා දීමට නියමිත බවත් නගරාධිපතිවරුන් වැඩිදුරටත් පවසති.

මේ තීන්දුව හේතුවෙන් වෙනත් නගරවලත් ඩීසල් වාහන තහනම් පැනවීමේ අවදානමක් තිබෙන බැවින්, මෝටර් රථ නිෂ්පාදකයින් එයට නුකූලව සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගනු ඇති බව පරිසර කටයුතු පිළිබඳ බීබීසී විශ්ලේෂකයා පවසයි.

සබැඳි විෂයයන්