මියන්මාරයට මැලේසියාවෙන් චෝදනා

Image copyright Reuters
Image caption රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව රැඳී සිටින කඳවුරක්

රෝහින්ග්‍යා මුස්ලිම් සුළු ජන ප්‍රජාව මුළුමනින්ම අතුගාදැමීමට තම අසල්වාසී රටවන මියන්මාරය කටයුතුකරන බවට දැඩිලෙස චෝදනාකරමින් මැලේසියාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත්කර ඇත.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අමනාපයක් ඇතිකරවන අකාරයෙන් ඉදිරිපත්කර ඇති එම ප්‍රකාශනය පවසන්නේ රෝහින්ග්‍යා සරණාගතයන් සිටින ගිනිකොනදිග ආසියා කළාපයේ රටවල් කිහිපයක ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම වෙනුවෙන් රෝහින්ග්‍යා ජනප්‍රජාව මියන්මාරය තුලින් අතුගාදැමීමේ ක්‍රියාවලිය වහා නතරකළ යුතු බවය.

එහෙත් මැලේසියාව තම රටේ අභ්‍යන්තර කටයුතු සඳහා අතපෙවීම නවතා දැමියයුතුබව මියන්මාරය පවසයි.

වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන මැලේසියාව පවසන්නේ ඔවුන් මෙම ගැටළුව දෙස බලන්නේ ආගමික දෘෂ්ඨිකෝණයකින් නොව මානවීය අවශ්‍යතාවක් ලෙස සැලකීමෙන් බවය.

මේ අතර ඉරිදා ක්වාලාලම්පූර් නගරයේ පැවැත්වෙන රෝහින්ග්‍යා සහයෝගිතා රැළියකට මැලේසියාවේ අගමැති නජීබ් රසාක් සහභාගීවීමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර