ට්‍රම්ප් තායිවානය අමතයි-චීනය නොසංසුන්

Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන්

ඇමරිකාවේ ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් (Tsai Ing Wen ) අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවක් සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පළකර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනය පිළිගනු ලැබීමෙන් අනතුරුව 1970 දශකයේ පටන් වොෂින්ටන් පාලනය තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටි පිළිවෙතේ වෙනසක් එම දුරකථන කතාබහත් සමඟ සිදුවිය.

එවැනි සාකච්ඡාවක් ඇමෙරිකානු පාර්ශවයට 'නොවැදගත් දෙයක්' වනබව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තායිවානය චීනයෙන් වෙන්වී කටයුතු කරන නමුත්, එම භූමිය චීනයට අහිමි කළ නොහැකි බව චීනය විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වෙයි.

එබැවින් ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානය සම්බන්ධයෙන් ඉතා කල්පනාකාරී ව කටයුතු කළ යුතු බව චීනය කියාසිටියි.

Image caption චීන විදේශ ඇමති වැන්ග් යී (W ang Yi)

ඇමෙරිකාව සහ තායිවානය අතර තිබුණු රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය දශක කීපයකට පෙර කඩාවැටීම පිළිබඳ ඩොනාල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් (Tsai Ing Wen ) සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සංග් ඉංග්‍ අතර සිදු වූ එම දුරකතන සාකච්ඡාව 'මෙතෙක් අනුගමනය කෙරුණ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතේ පීලිපැනීමක්' හැටියට විග්‍රහ කරන චීන විදේශ ඇමති වැන්ග් යී (W ang Yi), එම සංවාදය තායිවානයේ 'කපටිකමක' ප්‍රතිපලයක් බවත් පවසයි.

'මෙය තායිවානය කරපු පුංචි කපටිකමක් විතරයි. ඒත් මේ සිදුවීමෙන් 'එක චීනයක්' කියන මුල්බැසගත් ජාත්‍යන්තර පිළිවෙතේ වෙනසක් සිදු වේවි කියල හිතන්න බැහැ' චීන විදේශ ඇමති වැන්ග් යී (W ang Yi) කියාසිටියි.