දිල්ලියේ සමූහ 'දූෂණයක්' සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

  • 2016 දෙසැම්බර් 4
BBC

පසුගිය අප්‍රේල් මස දිල්ලි අගනුවර ඉහළ පෙළ හෝටලයකදී තමන් සමූහ දූෂණයට ලක් කෙරුණු බවට ඇමරිකානු කාන්තාවක් විසින් එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි.

හැකි ඉක්මනින් වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා ලෙස ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් පොලිසියෙන් ඉල්ලා සිටියේය.

හෝටල් කාමරයේ තිබූ මත් මිශ්‍ර වතුර බෝතලයක් සිය මාර්ගෝපදේශකයා විසින් තමන් වෙත ලබා දුන් බවත්, එය පානය කිරීමෙන් අනතුරුව ඔහු සහ ඔහු සමග පැමිණි තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තමන් දූෂණයට ලක් කළ බවත් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ලිංගික බලාත්කාරකම්වලට ලක් වූ බව පැවසෙන සිදුවීම මාලාවක් පසුගිය කාලය තුළ වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්