ඉතාලි අගමැතිවරයාගේ හෙට දවස තීරණය කෙරෙන ජනමතය අද

Image copyright EPA
Image caption ජනමත විචාරණයෙන් පරාජය වුවහොත් තමා ඉල්ලා අස්වන බවට ඉතාලි අගමැති මටේඕ රෙන්සි ප්‍රකාශ කර තිබේ

ඉතාලියේ අග්‍රාමාත්‍යවරයාගේ අනාගතය තීරණය කෙරෙන ජනමතවිචාරණයකට අද (දෙසැ. 04) ඉතාලි ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති.

ඉතාලි දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා සම්මත කර ගැනීම සඳහා පැවැත්වෙන මෙම ජනමත විචාරණයෙන් පරාජය වුවහොත් තමා ඉල්ලා අස්වන බවට ඉතාලි අගමැති මටේඕ රෙන්සි ප්‍රකාශ කර තිබේ.

ජනමතය දැක්වෙන සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ ඉතාලි අගමැතිවරයා පරාජයට ලක්වීමට වැඩි ඉඩකඩක් පවතින බවය.

Image copyright AP
Image caption ඉතාලි අගමැතිවරයාට එරෙහිව පැවති විරෝධතාවක්

එසේ වුවහොත් ඉතාලිය සහ යුරෝපා සංගමය අතර පවතින සබඳතා පිළිබඳව ද යළි සලකා බැලෙන අතර එය යුරෝපා සංගමයේ ස්ථාවරභාවයට අයහපත් ලෙස බලපෑම් ඇති කෙරෙනු ඇත.

මිලියන පනහක් පමණ වූ පිරිසක් මෙම ජනමතවිචාරණයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර හෙට (දෙසැ. 05) ප්‍රතිඵලය නිකුත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර