ඇපල් සමාගමෙන් රියදුරන් රහිත මෝටර් රථ?

Apple logo Image copyright Getty Images

රියදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ආයෝජනය කරන බව ඇපල් සමාගම පළමු වරට පිළිගනියි.

ඇමරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් ඇපල් සමාගම "ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රීය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව" පවසා තිබේ.

ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා ඇපල් සමාගම සැලසුම් සකස් කරමින් සිටින බවට කලක සිට වාර්තා පළ වූ නමුත් එම සමාගම ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන නොතිබිණි.

සිය සමාගමේ නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය මෝටර් රථ 2021 වසර වන විට ධාවනය සඳහා සුදානම් කරන බව ෆෝඩ් සමාගම මීට ඉහතදී නිවේදනය කළේය.

ගූගුල් සමාගම මේවන විටත් ස්වයංක්‍රීය මෝටර් අත්හදා බලමින් සිටියි.

සිය සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම මෝටර් රථ තුළ ස්වයංක්‍රීය ධාවනය සඳහා යොදා ගන්නා දෘඩාංග අන්තර්ගත බව ඉලෙක්ට්‍රොනික මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා ආයතනය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්