ජයලලිතාගෙන් පසු තමිල්නාඩුවේ බල රික්තයක්?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජයලලිතාගෙන් පසු තමිල්නාඩුවේ බල රික්තයක්?

සිනමාවෙන් දේශපාලනය අතික්‍රමණය කළ තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා කලක් රිදී තිරය ආලෝකමත් කළ තාරකාවකි.

1948 වසරේ උපත ලද ඇය මිය යනවිට 68 වැනි වියේ පසු විය.

ඇයගේ අභාවයෙන් තමිල්නාඩු වැසියෝ දැඩි ශෝකයට පත් වී සිටිති.

තමිල්නාඩු ප්‍රාන්ත වාසීන් වෙනුවෙන් බොහෝ සුබසාධන කටයුතුවල නිරත වූ ඇය ඉන්දියාවේ පෙරළිකාරී දේශපාලන චරිතයකි.

තමිල්නාඩුවේ වත්මන් දේශපාලන දැවැන්තයන් දෙදෙනා අතර සිටි ජයලලිතා දිවියෙන් සමුගත් අතර DMK නායක එම් කරුණානිධි රෝගාතුරව රෝහල්ගත කර සිටියි.

එවැනි තත්වයක් යටතේ තමිල්නාඩු දේශපාලනය තුළ අනාගතයේදී බල රික්තයක් උද්ගත වීමට ඉඩකඩ ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ජෙයරාම් ජයලලිතා ගේ දේශපාලන සහ සිනමා දිවිය ඇසුරෙන් සැකසුණු වාර්තාවට ඉහතින් සවන් දෙන්න.

සබැඳි විෂයයන්