ඉන්දුනීසියාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දුනීසියානු භූමිකම්පාව: මරණ සංඛ්‍යාව තවත් වැඩිවේ

  • 2016 දෙසැම්බර් 7

ඉන්දුනීසියාවේ උතුරු කලාපයට අයත් අචේ පළාතේ හටගත් ප්‍රබල භූමිකම්පාවට හසු වී මරුමුවට සංඛ්‍යාව අනූ හත දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ භූමිකම්පාවට හසු වී තවත් දෙසීයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

මැග්නිටියුඩ් ඒකක 6.4 වාර්තා කළ භූ චලනය හේතුවෙන් පළාතේ ගොඩනැගිලි සිය ගණනක් විනාශ වී ඇති අතර මුස්ලිම් දේවස්ථාන සහ නිවාස බිමට සමතලා වී ඇති අයුරු රූපවාහිනී දර්ශන ඔස්සේ දැකගත හැක.

2004 වසරේදී මැග්නිටියුඩ් ඒකක 9.2 සටහන් කරමින් ඇතිවූ භූමිකම්පාවත් සමග හටගත් සුනාමිය හේතුවෙන් අචේ පළාතට දැඩි හානි සිදු විය.

එම සුනාමි තත්වය ඉන්දීය සාගරය අවට පිහිටි රටවල් ගණනාවකට දැඩි හානි ගෙන දුණි.