පකිස්ථාන් ගුවන් අනතුර: සිරුරු හඳුනාගැනීමට DNA පරීක්‍ෂණ

Image copyright AFP
Image caption යානයේ සිටි සියලු දෙනාම මරණයට

පකිස්තානයේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය පිරිස හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පකිස්තානු බලධාරීහු පවසති.

ඊයේ (දෙසැ. 07) සවස මෙම ගුවන් අනතුර සිදුවූයේ පකිස්තානයේ උතුරු ප්‍රදේශයේදීය.

චිත්‍රාල් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර බලා පියාසර කරමින් සිටියදී සිදුවූ මෙම ගුවන් අනතුරින් යානයේ සිටි සියලු දෙනාම මරණයට පත්වූ බව පකිස්තානු වාර්තා පවසයි.

Image copyright EPA
Image caption යානය කඩා වැටුනේ කඳුකර ප්‍රදේශයට

අනතුරට හේතුව තවමත් තහවුරුවී නොමැති අතර නිල පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

පාලක මැදිරිය හා සබඳතා නතරවීමට මොහොතකට පෙර ගුවන් නියමුවාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර ඔහු පවසා ඇත්තේ යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වූ බවය.