මූල්‍ය ක්‍රමයෙන් නැවතත් භාණ්ඩ හුවමාරුවට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මූල්‍ය ක්‍රමයෙන් නැවතත් භාණ්ඩ හුවමාරුවට

පසුගිය මාසයේ රුපියල් පන්සීයේ සහ දහසේ නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය ගනු ලැබූ හදිසි තීරණය හේතුවෙන් ජනතාව තවමත් විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

අවලංගු කරන ලද මුදල් නෝට්ටු වෙනුවට රජය විසින් හඳුන්වා දුන් නව නෝට්ටු අවශ්‍ය තරම් ඉන්දීය මූල්‍ය වෙළඳපොළට සැපයීමට රජය අසමත් වීම මීට හේතුවයි.

මේ අතර පවතින මූල්‍ය අර්බුදය හමුවේ දුගී ගොවි ජනතාව එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නැවතත් පැරණි භාණ්ඩ හුවමාරු ක්‍රමයට අවතීර්ණ වෙමින් සිටින බවට වාර්තා පලවේ.

බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ ගොවි ගම්මානයක කළ සංචාරයකදී පැරණි භාණ්ඩ හුවමාරුව හෙවත් 'බාටාර්' ක්‍රමය නැවතත් පණ ලබා ඇති අයුරු බීබීසි ලෝක සේවයේ කැමරාවක සටහන් වුනේ මේ අයුරින්.

කෙසේ වෙතත් කඩිනමින් අවශ්‍ය තරම් මුදල් නොලැබුනොත් අනාගතයේ දී සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් පවතින බව ගම්මානයේ ගොවි ජනතාව කියා සිටිති.