'වර්ධා' දකුණු ඉන්දියාව ආක්‍රමණය කරයි

This December 11, 2016 NASA satellite image shows Tropical Cyclone Vardah (05B) approaching India. Vardah, currently over the Bay of Bengal will make landfall near Chennai on December 12, Image copyright AFP

කුණාටු සහිත අයහපත් කාලගුණය හමුවේ ඉන්දියාවේ ගිනිකොන දිග වෙරළ කලාපයේ දහස් ගණනක් ජනයා එම ප්‍රදේශවලින් ඉවත් කරනු ලැබ තිබේ.

පැයට කිලෝමීටර එකසිය විස්සක වේගයෙන් හමා ගිය 'වර්ධා' කුණාටුවත් සමග තමිල්නාඩු සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත තුළ ධාරානිපාත වර්ෂාව සහ දැඩි සුළං පැවතිණි.

අයහපත් කාලගුණය හමුවේ ඇතිවිය හැකි අනතුරුදායක තත්වයට මුහුණ දීම සඳහා නාවික හමුදා සහ ජාතික ආපදා කළමනාකරණ බලකායේ කණ්ඩායම් සුදානමින් සිටිති.

Image copyright Reuters
Image caption අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි නගරයේ ජන ජීවිතයට බාධා
Image copyright AFP

එම කලාපය පුරා ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් වසා දමනු ලැබ ඇත.

ඉන්දියාවේ අධික ජනගහනයක් සහිත නගර අතරින් එකක්වන චෙන්නායි නුවර වෙත පැමිණි ගුවන් යානා හරහා යවා ඇති අතර දුම්රිය සේවා අත්හිටුවා තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර