සාමාන්‍ය ජනතාව අලෙප්පෝ නගරයෙන් ඉවතට

Image copyright AFP
Image caption තුවාලකරුවන් වැඩිදෙනෙකුගේ ශරීර තුළ බෝම්බ කැබලි තිබෙන බවයි වෛද්‍යවරු පවසන්නේ

ගතවූ දිනක කාලය තුළ සාමාන්‍ය වැසියන් හය දහසකට වැඩි පිරිසක් නැගෙනහිර අලෙප්පෝ ප්‍රදේශයෙන් ඉවත්කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම සංඛ්‍යාවට තුන්දහසකට වැඩි කැරළිකරුවන් සහ තුවාලකරුවන් තුන්සියයක පිරිසක් ද ඇතුළත් වූ බව එම තොරතුරු මගින් සනාථ කර ඇත.

තුර්කි විදේශ අමාත්‍යවරයා පවසන ආකාරයට ඉවත්කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව හත්දහසකි.

එම පිරිස අතරින් වැඩිදෙනෙකු හමුදා රථ පෙළපාලි මගින් කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ඉද්ලිබ් නගරය වෙත ගෙනගිය බව වාර්තාවේ.

නැගෙනහිර අලෙප්පෝ ප්‍රදේශයේ සිට රැගෙන ආ තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වන ඝානෙම් ටයාරා පැවසුවේ ඉන් වැඩිදෙනෙකුගේ ශරීර තුළ බෝම්බ කැබලි තිබෙන අතර ඇස් වලට තුවාල සිදුවී ඇති බවය.

ඔහු පවසන ආකාරයට කම්පනයට පත්වීසිටින ළමුන් මිනිසුන් දෙස බලන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණියවුන් දෙස බලන ආකාරයෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර