ජෝර්දානයේ වෙඩි ප්‍රහාර මාලාවකින් පහක් මරුට

Image copyright Reuters

ජෝර්දානයේ ප්‍රසිද්ද සංචාරක ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර මාලාවකින් කැනේඩියනු ජාතිකයෙක් සහ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු මරුමුවට පත් වී තිබේ.

ඓතිහාසික කරාක් නගරයේ පිහිටි පැරණි බළකොටුවක සංචාරයේ යෙදී සිටි පිරිසක් ඉල්ලක්ක කර එක් කණ්ඩායමක් වෙඩි තබා ඇති අතර ගිනි අවි රැගත් තවත් කණ්ඩායමක් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉලක්ක කොට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් බළකොටුව වටලනු ලැබ ඇති අතර, තවත් තුවක්කුකරුවන් පිරිසක් ඒ තුළ සිටින බව බලධාරීහු විශ්වාස කරති.

සංචාරකයන් කීප දෙනෙකු ද බළකොටුවෙ කොටු වී සිටින බවත් වාර්තා වේ.

ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කොට ඇත්දැයි යන්න පිළිබඳ මෙතක් තොරතුරු හෙළි වී නොමැත.