තුර්කියේ සිටින රුසියානු තානාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් මරුට

Image copyright Russian Embassy
Image caption අන්ද්රේයි කාලොෆ් තානාපතිවරයා

තුර්කියේ සිටින රුසියානු තානාපතිවරයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුවී මරණයට පත් විය.

අන්ද්රේයි කාලොෆ් තානාපතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ තුර්කියේ අන්කාරා නුවර කලාගාරයක රැස්වීමක් අමතමින් සිටියදීය.

Image copyright AP
Image caption "දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි" යනුවෙන් කෑගසමින්

සභාවේ සිටි පුද්ගලයෙකු "දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි" යනුවෙන් කෑගසමින් පිස්තෝලයකින් වෙඩි තබා ඇති අතර සිරියාවේ අලෙපෝ නගරය පිළිබඳවද සිහිපත්කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් කීපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Image copyright Reuters
Image caption වෙඩි ප්‍රහාරය සිදුවීමෙන් පසු අවට ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාව

සිරියානු රජයට රුසියාව දක්වන සහාය හෙළා දකිමින් පසුගියදා තුර්කියේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද දියත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර