රුසියාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තානාපති ඝාතනය: රුසියානු පරීක්ෂණ කණ්ඩායමක් තුර්කියට

තුර්කියේ සිටි රුසියානු තානාපතිවරයාගේ ඝාතනයට හේතු වූයේ කුමක්දැයි යන්න සොයා බැලීම සඳහා රුසියානු පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය බලා පැමිණෙති.

අන්කාරා අගනුවර පිහිටි කලාගාරයදී දේශනයක් පවත්වමින් සිටි අන්ද්රේයි කාලොෆ් තානාපතිවරයා වෙත වෙඩි තබා ඇත්තේ රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියෙකි.

වෙඩි තබන අවස්ථාවේ දර්ශන පටිගත වී ඇත.

තානාපතිවරයාට වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු "අලෙප්පෝ ගැන අමතක කරන්න එපා, සිරියාව ගැන අමතක කරන්න එපා," යනුවෙන් පවසන අතර "අල්ලා හුවක්බර්" යන ඉස්ලාමීය පාඨය ද හඬ නගයි.

Image copyright AP
Image caption තුර්කියේ සිටි රුසියානු තානාපති අන්ද්රේයි කාලොෆ්

සිරියාවේ අලෙප්පෝ නගරයේ පවතින ගැටුම් සහ ඒ සඳහා රුසියාවේ ඇති සම්බන්ධයට තුවක්කුකරු විරෝධය දක්වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ප්‍රහාරය මුල් කර ගනිමින් දෙරටේ සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල නොවනු ඇති බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් සහ තුර්කි ජනාධිපති රෙචීප් තයියප් එර්දොවාන් පවසති.