කොංගෝ ජනපතිට එරෙහිව විරෝධතා: විසි දෙනෙක් මරුට

Image caption වීදි බට ජනතාවට ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව සාක්ෂිකරුවෝ පවසති

කොංගෝ අගනුවර පැවති විරෝධතා රැළියකදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ඇතිවූ ගැටුමකින් විසි දෙනෙකුට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ බලධාරීහු පවසති.

කොංගෝවේ ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය දීර්ඝ කරගනු ලැබීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත්වී තිබේ.

පසුගිය පහළොස් වසර පුරා බලයේ සිටි ජනාධිපති ජෝසෆ් කබිලාගේ වත්මන් ධූර කාලය සඳුදා (දෙසැ. 19) අවසන්වූ නමුත් එය 2018 දක්වා දීර්ඝ කරනු ලැබ ඇත.

Image copyright Reuters
Image caption වීදි බට ජනතාව

ඊට එරෙහිව වීදි බට ජනතාවට ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව සාක්ෂිකරුවෝ පවසති.

පසුගිය මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අවලංගු කරමින් කොංගෝවේ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පවතින මුදල් ප්‍රමාණවත් නොවන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර