ජාකර්තා නුවර නත්තල්දින ප්‍රහාර සැලසුමක් ව්‍යර්ථ කෙරෙයි

  • 2016 දෙසැම්බර් 21
Image caption ජනවාරි 14 වැනිදා ජකර්තා නුවරට ඉස්ලාම්වාදී ප්‍රහාරයක් එල්ලවිය

නත්තල් දිනයේදී ජකර්තා අගනුවරට මරාගෙනමැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ ඉස්ලාම්වාදී සැකකරුවන් තිදෙනෙකු මරාදැමූ බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

ජකර්තා අගනුවරට පිටතින් දකුණු ප්‍රදේශයේ ඇති නිවෙසකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් එම සැකකරුවන් තිදෙනා මියගිය බව ඔවුහු ප්‍රකාශ කළහ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශකළේ නිවෙස තුලින් සොයාගත් බෝම්බ කිහිපයක් නිෂ්ක්‍රීය කිරීමට පෙර අසල්වැසි ජනතාව නිවෙස් වලින් ඉවත්කළ බවය.

එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාර්තාවේ.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් සමග සබඳතා ඇති අන්තවාදීන් බෝම්බ පිපිරවීමට කළ සැළසුම් කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පොලීසිය විසින් ව්‍යර්ථ කළ අතර ඉන්දුනීසියාව තුළ ප්‍රහාරයන් එල්ල කිරීමට ඔවුන් දරන උත්සාහය වැඩිවෙමින් පවතින බවද වාර්තාවල සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්