සියක් ආයු ලද ආචාර්යවරයාට නොකඩවා රාජකාරි කිරීමේ අයිතිය

පරිසර විද්‍යාඥයෙකුවන ආචාර්ය ඩේවිඩ් ගුඩ්ඕල්

ඡායාරූප මූලාශ්‍රය, ABC

ඡායාරූප ශීර්ෂ වැකිය,

පරිසර විද්‍යාඥයෙකුවන ආචාර්ය ඩේවිඩ් ගුඩ්ඕල්

ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටින වයස අවුරුදු 102ක් වූ ආචාර්යවරයෙක් නොකඩවා සිය රාජකාරි කරගෙනයාමේ අයිතිය වෙනුවෙන් කළ සටනින් ජයගෙන තිබේ.

ඔහුගේ සේවය දීර්ඝ කිරීම සෞඛ්‍ය හා ආරක්ෂක හේතු මත කළ නොහැකි බව විශ්වවිද්‍යාලය පවසා තිබුණි.

පරිසර විද්‍යාඥයෙකුවන ආචාර්ය ඩේවිඩ් ගුඩ්ඕල් සතියකට සිව් වතාවක් බටහිර ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ සහකරුවෙකු ලෙස සේවය කරමින් සිටින අතර ඒ සඳහා කිසිදු වැටුපක් ලබා නොගනී.

ආචාර්ය ඩේවිඩ් ගුඩ්ඕල් බීබීසීයට කියා සිටියේ ගින්නක් වැනි හදිසි අවස්ථාවක ඔහුට ගොඩ නැගිල්ලෙන් පිටතට යාමේ අපහසුවක් පවතින බව විශ්ව විද්‍යාලය පැවසූ බවය.

ඡායාරූප මූලාශ්‍රය, ABC

ඡායාරූප ශීර්ෂ වැකිය,

"ඔවුන් හිතුවෙ මාව තියාගන්න එක අවදානම් වැඩියි කියල"

"බලධාරීන් කිව්වේ මම වැඩකරන තැන පිළිබඳව ප්‍රශ්ණයක් තියනවා කියල. ඔවුන් හිතුවෙ මාව තියාගන්න එක අවදානම් වැඩියි කියල. ඒ කියන්නෙ ගින්නක් ඇතිවෙච්ච වෙලාවක ඔවුන්ට සිදුවෙනව මාව එක්ක යන්න කෙනෙක් එවන්න. මට පියගැටපෙළවල් නගින්න එපා කියල තියෙන්නේ. ඒත් මට පුළුවන් මොනවා හරි හදිසියකදී පඩිපෙළ පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් මම ලිෆ්ට් එකේ තමයි යන්නෙ." යනුවෙන් ඔහු පැවසීය.

විශ්ව විද්‍යාලය ඔහුගෙන් ඉල්ලා ඇත්තේ නිවසේ සිට තවදුරටත් සේවය කරන ලෙසය.

වසර හැත්තෑවක කාලය තුළ පරිසර විද්‍යාවට අදාළ ගවේෂණ වාර්තා සියයකට වැඩි ප්‍රමාණයක් ආචාර්ය ගුඩ්ඕල් විසින් පළකරනු ලැබ තිබේ.