බංග්ලාදේශ කතක් බෝම්බයක් පුපුරුවාගෙන මියයයි

Image copyright BBC Bengali
Image caption බෝම්බය පුපුරුවාගෙන මියගිය කාන්තාව

බංග්ලාදේශය පොලිසිය විසින් කරන ලද වැටලීමක දී පොලීසියට යටත් නොවූ කාන්තාවක් ඇය සතුව තිබූ බෝම්බයක් පුපුරහුවා හැර මරණයට පත්වූ බව එරට පොලිසිය පවසයි.

බංග්ලාදේශයේ තුළ කාන්තාවක් මෙලෙස තමා විසින්ම බෝම්බයක් පුපුරුවාගෙන දිවි හානිකරගත් පළමු අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.

Image copyright BBC Bengali

මෙම සිද්ධියේදී ඇය සමග සිටි දැරියක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කෙරුණා.

තවත් කාන්තාවන් දෙදෙනෙකු තමන්ගේ දරුවන් දෙදෙනා සමග පොලිසියට යටත් වී තිබෙන බව වාර්තා වේ.

බංග්ලාදේශ රජය පවසන ආකාරයට සැඟවී සිටින සටන්කරුවන් සෙවීමේ මෙහෙයුමකදී මෙම සියදිවි හානිකරගැනීම සිදුවිය.