භූමිකම්පාවකින් පසු චිලී රාජ්‍යයට සුනාමි බියක්

Image copyright Reuters
Image caption පාලම් සහ මහාමාර්ගවලට හානි

පැසිෆික් සාගරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අනතුරුව චිලී රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයේ සුනාමි අනතුරු ඇඟවීමක් නිවේදනය කරයි.

මැග්නිටියුඩ් 7.7ක් ලෙස සටහන්වී ඇති මෙම භූචලනයෙන් අනතුරුව චිලී රාජ්‍යයේ දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබේ.

Image caption දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයෙන් ජනතාව ඉවතට

මෙම භූමිකම්පාව නිසා මුහුදු රළ මීටර තුනක් පමණ ඉහලට යාහැකි බවට එරට බලධාරීහු අනතුරු අඟවා සිටිති.

චිලී රාජ්‍යයේ දකුණුදිග ප්‍රදේශයේ ඇතැම් මහාමාර්ග සහ පාලම්වලට හානි සිදුවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර