'නොක්-ටෙන්' කුණාටුව මැනිලා කළඹයි

Image copyright AP

පිලිපීනයේ මැනිලා නුවර හරහා හමාගිය දැඩි කුණාටුවට ගොදුරු වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මැනිලා නුවර දකුණු ප්‍රදේශයට තදින්ම බලපෑ 'නොක්-ටෙන්' කුණාටුව සුළගේ වේගය දහයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ.

මැනිලා නුවර ගමනාගමනය නැවත යතා තත්වයට පත්වෙමින් පවතින නමුත් ඇතැම් ප්‍රදේශවලට තවත් පැය තිස් හයක කාලයක් කුණාටුවෙන් බලපෑම් ඇතිවනු ඇති බවට කාලගුණ අනාවැකි පළ වී ඇත.

Image copyright AP

කුණාටුවට හසු වීම නිසා නගරයේ බොහෝ ප්‍රදේශ වල නත්තල් උත්සව සහ සැමරුම් කටයුතු අඩාළ විය.

පිලිපීන බලධාරීන් ප්‍රකාශ කළේ කුණාටුව හේතුවෙන් තුන්ලක්ෂ අසූ දහසකට අධික පිරිසකට සිය නිවෙස් හැර දමා ආරක්‍ෂිත කලාපවලට යාමට සිදුව ඇති බවය.

කෙසේ වෙතත් කුණාටුවෙන් විපතට පත් ලක්ෂ දහයකට අධික පිලිපීන වැසියන්ට හදිසි ආධාර ලබා දීමට සිදු වනු ඇති බව 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර පුණ්‍යායතනය පවසයි.

Image copyright AP