රුසියානු ගුවන් යානයේ 'කළු පෙට්ටිය' සොයා ගැනෙයි

Russian rescue boats patrol off the coast of the Black Sea city of Sochi looking for debris of a Russian military plane, 26 December Image copyright AFP
Image caption යානයේ ගමන් ගත් පුද්ගලයන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම්

පසුගිය ඉරිදා අනතුරට පත් රුසියානු හමුදා ගුවන් යානයේ දත්ත ඇතුළත් 'කළු පෙට්ටිය' හමු වූ බව එරට බලධාරීහු පවසති.

පුද්ගලයන් අනූ දෙදෙනෙකු රැගත් 'Tu-154'වර්ගයේ ජෙට් යානය සෝචි ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කොට සුළු වෙලාවකට පසු කළු මුහුදට කඩා වැටුණි.

අනතුරින් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මරුමුවට පත් විය.

රුසියාවේ ජනප්‍රිය අලෙක්සන්ද්‍රෆ් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් සමග මාධ්‍යවේදීන් සහ හමුදා නිලධාරීන් පිරිසක් අනතුරට පත් යානයේ ගමන් ගත්හ.

Image copyright AFP
Image caption අනතුරට පත් 'Tupolev-154' වර්ගයේ ජෙට් යානයක්

හමුදා තූර්ය වාදන කණ්ඩායම සිරියාවේ සිටින රුසියානු හමුදා භටයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු සංදර්ශනයකට සහභාගීවීමට නියමිතව සිටියහ.

යානයේ ගමන් ගත් පුද්ගලයන් දාසය දෙනෙකුගේ මළ සිරුරු මේවන විට සොයා ගනු ලැබ ඇති බව වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර