යුදෙව් ජනාවාස ව්‍යාපෘතියක් හකුලා ගනී

Image copyright EPA
Image caption පලස්තීන භූමියේ යුදෙව් නිවාස ඉදිකරනු ලැබීම නතරකරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටීමෙන් දින කීපයකට පසුව

ජෙරුසලමේ නැගෙනහිර කලාපයේ නව නිවාස පන්සීයක් ඉදිකරනු ලැබීමේ සැලැස්මක් සඳහා නියෝජිත ඡන්ද විමසීම කල්තැබීමට ජෙරුසලම් නගර සභාව පියවර ගනී.

එවැනි පියවරක් ගනු ලැබුණේ, පලස්තීන භූමියේ යුදෙව් නිවාස ඉදිකරනු ලැබීම නතරකරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටීමෙන් දින කීපයකට පසුවය.

ඇමරිකානු සබඳතා

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව එම තීරණයට එළැඹුණු බව ජෙරුසලම් නගර සභාවේ නියෝජිතයෙක් බීබීසියට කියා සිටියේය.

දැනට ඇනහිට ඇති මැදපෙරදිග සාම සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති අතරවාරයේ වොෂින්ටන් බලධාරීන් සමඟ සබඳතා තවදුරටත් පිරිහීම වළක්වා ගැනීමට එවැනි තීරණයක් ගෙන ඇති බවත් එම නියෝජිතයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර