'ඉස්ලාමීය ත්‍රස්තවාදය' විශාලතම අභියෝගයයි - මර්කල්

New Year"s speech from Chancellor Angela Merkel Image copyright EPA
Image caption ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය 'ඉස්ලාමීය ත්‍රස්තවාදය' යැයි එරට චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පවසයි.

ඇය ඒ බව කියා සිටියේ 2017 එළඹෙන නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම 'පිළිකුල් සහගත කරුණක්' බව පවසන්නීය.

ජර්මනිය එවැනි අභියෝග ජය ගනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කරයි.

Image copyright AFP
Image caption පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය

කෙසේ වෙතත් ජර්මානු ජනතාවගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවටත් ඇන්ගලා මර්කල් චාන්සලර්වරිය සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රතිඥා දී තිබේ.

පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර