තුර්කිය: ප්‍රහාරකයා සොයා තවදුරටත් මෙහෙයුම්

Police images of suspect, undated
Image caption සැකකරුගේ බව පැවසෙන ඡායාරූප කීපයක් තුර්කි පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත

ඉස්තාම්බුල් නුවර රාත්‍රි සමාජ ශාලාවකට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා සොයා සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තුර්කි පොලිසිය පවසයි.

ඉරිදා අලුයම 'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු එහි සිටි තිස් නව දෙනෙකු මරුමුවට පත් විය.

තුර්කියේ නියෝජ්‍ය අගමැති නූමාන් කූර්ටුල්මුෂ් කියා සිටියේ ප්‍රහාරකයාගේ ඇඟිලි සලකුණු සහ මූලික තොරතුරු ආරක්ෂක අංශ සතුව ඇති බවය.

හැකි ඉක්මනින් ප්‍රහාරකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන බවටත් ඔහු ප්‍රතිඥා දී තිබේ.

Image copyright AFP
Image caption ඉරිදා අලුයම 'රෙයිනා' රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු එහි සිටි තිස් නව දෙනෙකු මරුමුවට පත් විය

රාත්‍රි සමාජ ශාලාව වෙඩි ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ හයසිය දෙනෙකුට ආසන්න පිරිසක් ඒ තුළ සිටියහ.

තමන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිවේදනය කළේය.

ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයාගේ අනන්‍යතාව හඳුනා ගනු ලැබ ඇතත් මෙතෙක් එය ප්‍රසිද්ධියට පත් කර නොමැති බව තුර්කියේ ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුගේ බව පැවසෙන ඡායාරූප කීපයක් තුර්කි පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර