රෝහින්ග්‍යා චෝදනා: කොමිසම ප්‍රතිචාර දක්වයි

Image copyright AFP
Image caption මියන්මාර හමුදා විසින් තම ජනයා ලිංගිකව දුෂණය කරන බවත්, මරා දමන බවත්, වධහිංසා වලට ලක්කරනවා පමණක් නොව දේපළ ගිනි තබන බවටත් රෝහින්ග්‍යා ජනයා චෝදනා නගති.

රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වධහිංසාවලට ලක්කෙරන බවට එල්ලවන චෝදනා පිලිබඳ විමසා බැලීම පිණිස මියන්මාර රජය පත්කළ කොමිසම විසින් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

පසුගිය මාස කිහිපය තුළ දසදහස්ගණන් රෝහින්ග්‍යා ජනයා මියන්මාරයෙන් පලාගොස් අසල්වැසි බංග්ලාදේශයේ කඳවුරු තුළ ජීවත්වෙති.

මියන්මාර හමුදා විසින් තම ජනයා ලිංගිකව දුෂණය කරන බවත්, මරා දමන බවත්, වධහිංසා වලට ලක්කරනවා පමණක් නොව දේපළ ගිනි තබන බවටත් රෝහින්ග්‍යා ජනයා චෝදනා නගති.

එහෙත් එම චෝදනා වලින් බොහොමයක් සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බව රජය විසින් පත්කරන ලද කොමිසම සිය වාර්තාවෙන් පෙන්වාදෙයි.

රෝහින්ග්‍යා ජනතාවගේ ගැටළුව සම්බන්ධව විමසා බැලෙන තවත් කොමිසමක් එක්සත්ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අන්නන් ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අතර එහි වාර්තාව මේ වසරේ දී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර