අඩෝ ඝානාවේ ජනාධිපති පදවියට

Image copyright Reuters
Image caption අකුෆෝ අඩෝ

ඝානාවේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු මානව හිමිකම් නීතිවේදි අකුෆෝ අඩෝ, අප්‍රිකානු රාජ්‍ය නායකයන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිදු කළ පළමු කථාවේදී අදහස් දැක්වූ අකුෆෝ අඩෝ, සිය පූර්වගාමියා වූ 'ජෝන් ද්‍රමානි මහමා' පැසසුමට ලක් කළ අතර පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ද්‍රමානි මහමා, ඉතා ගෞරවාන්විතව ඔහුගේ පරාජය පිළිගත් බව සඳහන් කළේය.

බොහෝ අප්‍රිකානු නායකයන් සිය පදවිය අත්හැරීමට පසුබට වන අවස්ථාවක, ඝානාවේ බල හුවමාරුව ඉතා සාර්ථකව සිදු වූ බව එහි සිටින බීබීසී වාර්තාකරු පවසයි.

හැත්තෑ දෙවැනි වියේ පසුවෙන අකුෆෝ අඩෝගේ පදවිප්‍රාප්ති උත්සවය 'අක්‍රා' අගනුවර නිදහස් චතුරස්‍රයේ පැවති අතර, සම්භාවනීය අමුත්තන් දහස් ගණනක් එම අවස්ථාවට සහභාගි වූහ.

රටේ නිදහස් අධ්‍යාපනය සහතික කිරීම සඳහා කැපවී කටයුතු කරන බවට නව ජනාධිපති අකුෆෝ අඩෝ පොරොන්දු විය.