ඇමරිකානු හමුදා පෝලන්තයට

Image copyright Reuters
Image caption මෙම හමුදා කණ්ඩායම් යුධටැංකි අසූවකට වැඩි ප්‍රමාණයක් සහ සියගණනක් සන්නද්ධ රථ වලින් සමන්විත වන බවයි වාර්තාවන්නේ

නේටෝ හමුදාවේ නැගෙනහිර පෙරමුණට එක්වීමට නියමිත තුන්දහසක් වන ඇමරිකානු භට පිරිසේ පළමු කණ්ඩායම පෝලන්තය වෙත පැමිණෙමින් සිටිති.

යුධටැංකි අසූවකට වැඩි ප්‍රමාණයක් සහ සියගණනක් සන්නද්ධ රථ වලින් මෙම හමුදා කණ්ඩායම සමන්විත වෙයි.

'සීතල යුද්ධය' නිමාවීමෙන් පසු ඇමරිකානු හමුදාව මෙවැනි මෙහෙයුමකට මැදිහත් වන්නේ පළමුවතාවටයි.

නේටෝ අභ්‍යාස යුද්ධයකට පෙළඹවීමක් - ජර්මනිය

නැගෙනහිර යුරෝපය තුළ ඇමරිකානු යුධ ශක්තිය වැඩි කෙරේ

රුසියානු ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා නේටෝ මිත්‍රරටවලට දක්වන සහයෝගය සහතික කිරීමේ පියවරක් ලෙස මෙම හමුදා කණ්ඩායම් පෝලන්තයට යැවීමට ජනාධිපති ඔබාමා තීරණය කරතිබේ.

මොස්කව් පාලනය සමග සබඳතා ශක්තිමත් කරගන්නා බවට ප්‍රකාශ කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති පදවිය භාර ගැනීමට දින කිහිපයක් තිබියදී මෙම හමුදා කණ්ඩායම් පෝලන්තයට පැමිණීම සිදුවේ.