සිවිල් වැසියන් මියගිය බව ඇමෙරිකානු හමුදා පිළිගනිති

Image copyright Reuters
Image caption අමෙරිකානු හමුදාව 2001 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වෙමින් සිටි

පසුගිය නොවැම්බරයේ ඇෆ්ඝනිස්තානයේ කුන්දුස් පළාතේ ක්‍රියාත්මක කෙරුණු ඒකාබද්ධ හමුදා මෙහෙයුමකදී සිවිල් වැසියන් 33 දෙනෙකු මියගිය බව අමෙරිකානු හමුදාව පිළිගත්තේය.

ඇෆ්ඝනිස්තාන හමුදාව සමග එකාබද්ධව කළ එම මෙහෙයුමේදී තවත් පුද්ගලයන් විසිහත් දෙනෙකු තුවාල ලැබූ බව ද ඔවුහු පවසති.

නැගෙනහිර යුරෝපය තුළ ඇමරිකානු යුධ ශක්තිය වැඩි කෙරේ

නේටෝ අභ්‍යාස යුද්ධයකට පෙළඹවීමක් - ජර්මනිය

ගම්මානයක සැඟව සිටි තලිබාන් නායකයින් සොයමින් දෙරටට ම අයත් වූ විශේෂ හමුදා ඒකක මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරේදී ප්‍රහාරයකට ලක්වූ බැවින් ගුවන් ප්‍රහාරවල සහය ඉල්ලා ඇති බව අමෙරිකානු පරීක්ෂකයෝ පැවසුහ.

එහිදී අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු, ඇෆ්ඝන් කොමාන්ඩෝ භටයන් දෙදෙනෙකු මෙන්ම තලිබාන් සටන්කරුවන් 26 දෙනෙකු පමණ ද මියගොස් ඇතැයි වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්