පැරිස් සමුළුව යල් පැනගිය එකක්- නෙතනියාහු

Image copyright AFP
Image caption 2014 වසරේ අප්‍රේල් මස පැවති පළමු සමුළුව අසාර්ථක වූයේ එකඟතාවයකින් තොරවයි

පැරීසියේ දී පැවැත්වෙන මැද පෙරදිග සමුළුවට එක්වී සිටින ලෝකයේ රටවල් හැත්තෑවකට වැඩි සංඛ්‍යාවකට අයත් විදේශ අමාත්‍යවරු සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙක සඳහාවූ 'ද්විරාජ්‍ය විසඳුමකට' සහය පළ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

එහෙත්මෙම හමුවට ඊශ්‍රායලය හෝ පලස්තීනය යන දෙරටෙන්ම කිසිදු නියෝජිතයෙකු සහභාගී වී නැත.

ප්‍රංශයේ සංවිධායකයන් පවසන්නේ මෙම 'ද්විරාජ්‍ය විසඳුම' අනාගත සාම ගිවිසුමක් සඳහා පදනම සකස්කරන්නක් බව සඳහන් කිරීම වැදගත් බවය.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති පදවිය භාර ගැනීමට නියමිතව ඇති බැවින් ඇමරිකාවේ ස්ථාවරය පිලිබඳ අවිනිශ්චිත තත්වයක් පවතී.

මේ අතර මෙම සමුළුව තම රටට එරෙහිව පවත්වන්නක් බව සලකන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශකළේ එය යල්පැනගිය එකක් බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර