බංග්ලාදේශයේ පොලිස් නිලධාරීන් පිරිසකට මරණ දඬුවම

Bangladeshi Commander in the Rapid Action Battalion (RAB) Tarek Sayeed (centre) is escorted by police at Narayanganj court in Narayanganj on January 16, 2017. Image copyright AFP
Image caption පොලිස් ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවන තරෙක් සයීඩ් බංගලාදේශ ආණ්ඩුවේ ඇමතිවරයකුගේ බෑනා කෙනෙකි

2014 වසරේදී සිදු කරන ලද දේශපාලන පළිගැනීම් හා සම්බන්ධ ඝාතන හතකට වරදකරුවන් වූ පුද්ගලයන් විසිහය දෙනෙකුට බංග්ලාදේශ අධිකරණයක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබීය.

මරණ දඬුවමට යටත් කළ පිරිසෙන් වැඩි දෙනෙක් බංග්ලාදේශ පොලිසියේ ප්‍රභූ ආරක්ෂක ඒකකයක සාමාජිකයෝ වෙති.

බංගලාදේශයේ මධ්‍යම කලාපයේ පිහිටි නාරායන්ගන්ජ් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ආසන්නයේදී පැහැර ගනු ලැබූ පුද්ගලයන් හත් දෙනෙකු පසුව ඝාතනය කොට තිබිණි.

අංක තහඩු නොමැති වෑන් රථයකට එම පිරිස බලහත්කාරයෙන් පටවා ගනු ලැබූ බව ඇසින්දුටු සාක්ෂිකරුවෝ පවසති.

Image copyright AFP
Image caption බංගලාදේශ පොලිස් ප්‍රභූ ආරක්ෂක ඒකකයකයේ සාමාජිකයන්

දින තුනකට පසු ඔවුන්ගේ මළ සිරුරු ගංගාවක තිබී සොයා ගනු ලැබිණි.

පළාත් පාලන ආයතනයක බල අරගලයක් ඝාතනවලට හේතු වී ඇති අතර සිය ප්‍රතිවාදියා ඝාතනය කිරීමට එක් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් පොලිස් ප්‍රභූ ආරක්ෂක ඒකකයට මුදල් ගෙවා තිබේ.

සබැඳි විෂයයන්