සතියේ ඇස ගිය තැන්

2017 ජනවාරි 07 සිට 13 දක්වා සතිය ඇතුළත ලොව පුරා පළවූ හොඳම ප්‍රවෘත්ති ඡායරූප අතරින් කිහිපයක්.

Image copyright Reuters
Image caption පැන්ඩා සතුන් පිළිබඳ පර්යේෂණ සිදුකරන චීන ජාතිත විද්‍යාඥයන් පිරිසක් නව අවුරුදු උදාව සමරද්දී සුරතල් පැන්ඩාවන් ද අමතක කළේ නැහැ
Image copyright NAVESH CHITRAKAR / REUTERS
Image caption නේපාලයේ කත්මන්ඩු නුවරට නුදුරින් පැවති හින්දු ආගමික උත්සවයකට රැස්වුණු නේපාල කාන්තාවන් ශීතලෙන් මිදීමට ගිනි තපමින්
Image copyright Image copyrightDARKO VOJINOVIC / AP
Image caption සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර කඳවුරක සරණාගතයන්ට උණුසුම් ආහාර වේලක් ලැබුණු මොහොතක්. ඇතැම්විට සෙල්සියස් අංශක සෘණ 20 දක්වා උෂ්ණත්වය පහල බසින සර්බියාවට දැඩි හිම පතනයක්ද ඇතිවිය.
Image copyright MAHMUD HAMS / AFP
Image caption ගාසා තීරයේ හිරු බැස යන යාමයේ වෙරළ මත විනෝදවන පලස්තීන ජාතිකයන්
Image copyright Reuters
Image caption ශීත සෘතුවේදීත් ඇල්ජීරියාවේ වීදියේ නිදන්නන් වෙනුවෙන් උණුසුම් ආහාර වේලක් ලබාදීමට එරට පොලිසිය වැඩසටහනක් දියත් කළා
Image copyright Reuters
Image caption ඝානා රාජ්‍යයේ නව ජනාධිපති නානා අකුෆෝ-අඩෝ සිය පදවියේ වැඩ භාරගනිමින් දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වූ තරුණියක් (ජනවාරි 14 වැනිදා)