CSN: 'සංඛ්‍යාත ගැන ඉදිරි පියවර එපා'

Image copyright CSN

විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සිඑස්එන් රූපවාහිනී නාලිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නැයි අභියාචනාධිකරණය ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කළේය.

අධිකරණය එම නියෝගය කළේ, සිය විකාශන බලපත්‍රය අවංගු කිරීමට එරෙහිව එම රූපවාහිනී සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් ලිඛිත විරෝධතා ඉදිරිපත් කළ අතර, එයට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ලබන 26 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

අනතුරුව පෙබරවාරි 16 වැනි දින පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය, එතෙක් නාලිකාවට අයත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නැයි වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතියට පටහැනි බව පවසමින් සීඑස්එන් නාලිකාවේ බලධාරීන් අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්