BREXIT: බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ස්ථාවරය

Image copyright Reuters
Image caption අවසන් එකඟතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්දයක්

එක්සත් රාජධානියට යුරෝපා නිදහස් වෙළඳපොළ තුළ තවදුරටත් රැඳී සිටීමට හැකියාවක් නොමැති බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසන්නීය.

අගමැතිනිය ඒ බව කියා සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඇති ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමිනි.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග උපරිම අයුරින් නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වා ගැනීමට කටයුතු කරන බවට ඇය ප්‍රතිඥා දුන්නාය.

Image caption ලොව සෙසු රටවල් සමග ද වෙළඳ ගිවිසුම්

එමෙන්ම එක්සත් රාජධානිය ලොව සෙසු රටවල් සමග ද වෙළඳ ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරන බවත් ඇය කියා සිටියාය.

බ්‍රිතාන්‍ය අගමැතිනිය තවදුරටත් කියා සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ දෙපාර්ශවය අතර ඇති කර ගන්නා අවසන් එකඟතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වන බවය.