ගැම්බියාව: බලයෙන් ඉවත්වන බව ජනපති ජම්මේහ් පවසයි

Mr Jammeh has called for new elections to be held in Gambia Image copyright Reuters
Image caption වසර විසි දෙකක් ගැම්බියාව පාලනය කළ ජනාධිපති යාය ජම්මේහ්

කලාපීය නායකයන් වෙතින් එල්ලවන පීඩනය හමුවේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් ගැම්බියාවේ ජනාධිපති යාය ජම්මේහ් සිය ධුරයෙන් ඉවත්වන බව නිවේදනය කළේය.

වසර විසි දෙකක් රට පාලනය කළ ජනාධිපති ජම්මේහ් රජයේ රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් අවධාරණය කළේ ගැම්බියාව තුළ ලේ වැගිරීමක් සිදු නොවිය යුතු බවය.

සෙනගාලයේ සහ නයිජීරියාවේ හමුදා භටයන් දහස් ගණනක් ගැම්බියාවට ඇතුළු වූ අතර ගිනියාව සහ මොරිටානියා යන රටවල ජනාධිපතිවරුන් සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ජම්මේහ් සිය ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

Image copyright Reuters
Image caption ගැම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සෙනගාලයේදී දිවුරුම් දුන් ඇඩමා බැරෝ

ජනාධිපතිවරණයෙන් ජය ගත් ඇඩමා බැරෝ නැවත ගැම්බියාව බලා එන ලෙස රටෙන් පිටුවහල් කරන ලද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේවන විට අසල්වැසි සෙනගාලයට ගොස් සිටින ඇඩමා බැරෝ එහි පිහිටි ගැම්බියානු තානාපති කාර්යාලයේදී ජනාධිපති ධුරයේ දිව්රුම් දුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර