අවසන් රංගනය සංගීත වීඩියෝවකට

Image copyright 9 news.com
Image caption රූපගත කිරීම සඳහා යොදාගත් ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබුණේ ද යන්න පිළිබඳව තවමත් සනාථ වී නැත

ඕස්ට්‍රේලියාවේ සංගීත වීඩියෝවක් රූපගත කරමින් සිටියදී එහි චරිත නිරූපණයක යෙදෙමින් සිටි අයෙකු වෙඩි වැදී මරණයට පත්විය.

බ්‍රිස්බෙන් නුවර මත්පැන් අලෙවිසලකදී අදාළ රූගතකිරීම සිදුවෙමින් පැවතිණි.

මියගිය නිරූපණ ශිල්පියාගේ නම අනාවරණය වී නැත.

වෙඩි වැදුණු පුද්ගලයා යළි සිහිගැන්වීමට නිෂ්පාදන කණ්ඩායම උත්සාහ කළ ද එම ස්ථානයේදී ම ඔහු මරණයට පත්වූ බව වාර්තාවේ.

රූපගත කිරීම සඳහා යොදාගත් ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබුණේ ද යන්න පිළිබඳව තවමත් සනාථ වී නැති අතර පොලීසිය ඒ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්