හමුදා කඳවුරක් අල්ලා ගත්තා: කැරලිකරුවෝ

Image copyright Getty Images

දකුණු සෝමාලියාවේ පිහිටි කෙන්යානු හමුදා කඳවුරකට ඉස්ලාමීය අල්-ශබාබ් සටන්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

කුල්බියෝව් නගරයේ පිහිටි කඳවුරට කඩා වැදුණු සිය සාමාජිකයන් කෙන්යානු හමුදා සොල්දාදුවන් පනස් හත් දෙනෙකු ඝාතනය කර එහි තිබුණු වාහන සහ කඳවුර අත්පත්කරගත් බව අල්-ශබාබ් සංවිධානය පවසයි.

කෙසේ නමුත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සටන්කරුවන් විශාල පිරිසක් ඝාතනය කොට ප්‍රහාරය ව්‍යවර්ථ කළ බවයි, කෙන්යානු හමුදාව පවසන්නේ.

ගැටුම සම්බන්ධයෙන් අල්-ශබාබ් සංවිධානය අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් කෙන්යාවේ හමුදාව පවසයි.

මෙයට සමාන ප්‍රහාරයක් පසුගිය වසරේ එල් ඇඩේ නගරයේ පිහිටි හමුදා කඳවුරටත් එල්ල වූ අතර, එහිදී සියයකට අධික හමුදා සෙබළුන් මියගිය බව අල්-ශබාබ් සටන්කරුවෝ පැවසූහ.

කෙන්යානු හමුදා භටයන් තුන්දහසකටත් අධික පිරිසක් සෝමාලියාවේ ක්‍රියාත්මක වන අප්‍රිකානු ඒකාබද්ධ හමුදාවේ සේවයේ යොදවා සිටිති.