ඉන්දු-කාශ්මීර හිමකඳු නාය යාමෙන් සෙබළුන් මරුට

කාශ්මීරය
ඡායාරූප ශීර්ෂ වැකිය,

ශීත සමයේ දී කලාපය තුළ අධික හිම පතනයක් පවතී

ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීර කලාපයේ සිදුවූ හිම කඳු නාය යාම් හේතුවෙන් අවම වශයෙන් තම සොල්දාදුවන් 14 දෙනෙකු මියගිය බව ඉන්දීය බලධාරීහු පවසති.

බ්‍රහස්පතින්දා පකිස්තාන දේශසීමාව අසළ සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටි ඉන්දීය සොල්දාදුවන් හත්දෙනෙකු මියගිය අතර තවත් මළසිරුරු හතරක් සිකුරාදා උදෑසන සොයාගත්බව වාර්තාවේ.

මේ අතර තවත් සිදුවීමකදී අසල වූ හමුදා මුරපලක් හිම කන්දකට යටවීමෙන් සොල්දාදුවන් තිදෙනෙකු මියගොස් ඇත.

බොහෝ විට ශීත සමයේ කාශ්මීරයේ සිදුවන හිම කඳු නායයාම් වලින් ඉන්දියානු සහ පකිස්තානු හමුදා සෙබළුන් අනතුරට පත්වන අතර අධික හිම පතනය හේතුවෙන් කලාපය තුළ මහාමාර්ග සහ දුම්රියමාර්ග වැසීයාමද සිදුවේ.

සෙබළුන් සත්දෙනෙකු මරණයට පත්වූ හිම කඳු නාය යාම සිදුවුයේ ගුරේස් නම් හුදකලා ප්‍රදේශයකදීය.