සිනමාපටයක පෙම් දසුනට විරෝධයක්

Image caption ප්‍රේම ජවනිකා ඇතුළත් වන වෙනත් බොලිවුඩ් සිනමාපටද බහුලව පවතී

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සිනමා අධ්‍යක්‍ෂවරයෙකුට පහරදෙනු ලැබීම පිළිබඳව බොලිවුඩ් සිනමාකරුවෝ තම දැඩි කෝපය පළ කරති.

බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා භාන්සාලි ඔහුගේ 'පද්මාවතී' නම් සිනමාපටයේ රූගතකිරීම් කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු 'රාජ්පුත්' ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් ඔහුට කම්මුල් පහර එල්ලකොට හිසකෙස් වලින් ඇද පහරදී ඇත.

රූගත කිරීම සඳහා සුදානම් කරතිබූ කැමරා උපකරණ වලටද හානි සිදුවී ඇති බව වාර්තාවේ.

ප්‍රහාරකයන් පවසන්නේ දාහතරවන සියවසේ' රාජ්පුත්' කුමරියකගේ ජීවිතය පිලිබඳව නිෂ්පාදනය කෙරෙන මෙම සිනමා පටයේදී එම කුමරිය මුස්ලිම් අධිරාජ්‍යයෙකු සමග ප්‍රේමයෙන් වෙළෙන ආකාරය දැක්වෙන දර්ශනයක් අධ්‍යක්ෂවරයා විසින් එයට ඇතුළත් කරනු ලැබ ඇති බවය.

එහෙත් එම චෝදනාව පිලිබඳ තොරතුරු තවමත් සනාථ වී නැත.

මේ අතර මෙවැනි වධහිංසා කිරීමේ සිදුවීම් වලට එරෙහිව බොලිවුඩ් සිනමාකරුවන් එක්සත් වියයුතු බව ප්‍රකට සිනමා නළුවෙකු වන ෆර්හාන් අක්තාර් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර