ට්‍රම්ප්ගේ නීති ගූගල් සමාගමටත් ගැටලුවක් වෙයි

Image caption ජනාධිපති ට්‍රම්ප් ගේ නියෝග හේතුවෙන් නව හැකියාවන්ගෙන් පිරිපුන් අය ඇමරිකාවට ගෙනඒමට බාධාවන් එල්ලවිය හැකි බවට ගූගල් සමාගම බිය පළකරයි

ආගමන විගමන කටයුතු සම්බන්ධව ජනාධිපති ට්‍රම්ප් විසින් දෙනු ලැබූ නියෝග ක්‍රියාත්මක වීමට පෙර හැකි විගස යළි ඇමරිකාව වෙත පැමිණෙන ලෙස විදේශ සංචාර වල යෙදී සිටින තම කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් අන්තර්ජාල දැවැන්තයෙකු වන ගූගල් සමාගම ඉල්ලීමක් කර ඇත.

ගූගල් සමගම පවසන්නේ සියයකට වැඩි කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකට ජනාධිපතිවරයාගේ නියෝග ඍජුවම බලපෑ හැකි බවය.

එසේම මේ තත්වය හේතුවෙන් තම සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දරන්නට සිදුවන පෞද්ගලික වියදම් පිළිබඳව දැඩි ලෙස කණගාටුවන බවත් එම සමාගම ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් ගේ නියෝග හේතුවෙන් නව හැකියාවන්ගෙන් පිරිපුන් අය ඇමරිකාවට ගෙනඒමට බාධාවන් එල්ලවිය හැකි බවට ගූගල් සමාගම බිය පළකරයි.

මේ අතර නව තාක්‍ෂණයට සම්බන්ධ ඇමරිකානු සමාගම් කිහිපයක් ආගමන කටයුතු පිලිබඳ නීති රීති ලිහිල් කර ගැනීම සඳහා එක්වී සකච්ඡා පවත්වන බව වාර්තාවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර