‘දෙගොඩ’ අහිමිවූ සරණාගතයින්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘දෙගොඩ’ අහිමිවූ සරණාගතයින්

අර්බුදකාරී තත්වය හමුවේ සිරියාවේ ඊනියා 'ඉස්ලාමීය රාජ්‍යයෙන්' පලා ආ දහස් ගණන් ජනතාව සිරියාව හා ජෝර්දානයේ දේශසීමා අතර පිහිටි ප්‍රදේශයක කොටුවී සිටිති.

80,000 ක් පමණ වූ එම ජනතාව අතර සිටින විශාල පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව එම රැඳවුම් කදවුර ආශ්‍රිතව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද ක්ෂේත්‍ර රෝහලේ වෛද්‍යවරු පවසති.

එම කඳුවුර ද සුරක්ෂිත ස්ථානයක් නොවන්නේ මෑතදී එහි වූ මෝටර් රථයක අටවා තිබු බෝම්බයක් පුපුරා යාම නිසා පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බැවිනි.

ප්‍රහාර එල්ලවීමෙන් වැළකීම සඳහා ජෝර්දාන බලධාරීන් දේශසීමාව වසා දැමීම හේතුවෙන් මෙම සරණාගතයින් හට එහි ඇතුළුවීමට නොහැකි වී ඇති අතර ආපසු සිරියාවට යාමටද නොහැකි වී ඇත.

සහන සේවා ආයතන පෙන්වා දෙන්නේ, තවත් විශාල වශයෙන් ජනතාව එහි පැමිණෙමින් සිටින බැවින් සහන සැපයීම ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බවය.