"ට්‍රම්ප් විධායක නියෝගය ව්‍යවස්ථාවට පටහැනියි"

Image copyright AP

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් නිසා ඇමරිකාව තහනම් කෙරුණු රටවල මගීන්ට එරටට පැමිණීම සඳහා දොර විවෘත කෙරෙන අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

'එක් ආගමකට තවත් ආගමකට වඩා විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් වැළකිය යුතු' බව පැවසෙන ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්තිය ජනාධිපතිවරයාගේ විධායක නියෝගය මගින් උල්ලංඝනය වන බව අධිකරණය පෙන්වා දී ඇත.

මේ අනුව ජනාධිපති විධායක නියෝගය මගින් තහනමට ලක්වූ මගීන් වෙනුවෙන් ගුවන් ගමන් සූදානම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමෙරිකානු රේගුව ගල්ෆ් සහ කටාර් ගුවන් සමාගම් වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් එම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමරිකානු ආණ්ඩුව කියා සිටියි.

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයෙන් 'මව් බිම ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර එය නෛතික වශයෙන් නිවැරදි පියවරක් බව ආණ්ඩුව විශ්වාස කරන' බව ධවල මන්දිරය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර