ගුවන් ගමන් නවතන ලේසර් විදුලි කදම්බ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුවන් ගමන් නවතන ලේසර් කිරණ කදම්බ

රාත්‍රී කාලයේ ගුවන් නියමුවන්ට යානා පාලනය කර ගැනීමට නොහැකිවනසේ ලේසර් කිරණ කදම්බ එල්ලකිරීම් වැඩිවෙමින් පවතින බව වාර්තාවේ.

ඊයේ (04) ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණෙමින් තිබූ ගුවන් යානයකටද මෙවැනි ලේසර් කිරණ කදම්බ ප්‍රහාරයක් එල්ලවිය.

එම ලේසර් ආලෝක කදම්බය පැමිණියේ කොතැනකින්ද යන්න පිළිබඳව දැන් පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ගුවන් නියමුවන් වෙත මෙවැනි ලේසර් ආලෝක කදම්බ ප්‍රහාර එල්ලවීම වැඩිවී ඇතිබව බලධාරීන් පවසන අතර ලේසර් කිරණ විදුලි පන්දම් ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකිවීම මෙයට හේතුව බව ගුවන් නියමුවෝ පවසති.

ගුවන්යානා වලට එල්ලවන ලේසර් ආලෝක කදම්බ ප්‍රහාර පිළිබඳ වැඩි විස්තර ඉහත වීඩියෝවේ නරඹන්න.