මියන්මාර් පන්සලක හතළිස් ලක්ෂයකට අධික උත්තේජක මත්පෙති

Image caption අල්ලා ගත් මත්පෙති

හතළිස් ලක්ෂයකට අධික ශාරීරික උත්තේජක මත්පෙති තොගයක්(methamphetamine) සිය විහාරයේ සඟවාගෙන සිටි බෞද්ධ භික්ෂුවක් මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම මත්පෙති වර්ගය ඉතා ප්‍රබල, එසේම ඇබ්බැහිකාරක ශාරීරික උත්තේජකයක් ලෙස සැළකේ.

චූදිත ජ්‍යෙෂ්ඨ භික්ෂුව 'රකේන්'ප්‍රාන්ත පොලිසිය විසින් පළමුවෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ එම භික්ෂුවගේ මෝටර් රථයේ තිබී මත්පෙති ලක්ෂ හතරක් හසුවීමෙනි.

මියන්මාරය පසුගිය වසර කීපය ඇතුළත තහනම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන රටක් බවට පත්විය.

Image caption තහනම් මත්ද්‍රව්‍ය විනාශ කරන අවස්ථාවක්

මියන්මාර පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නන් සහ ඒවා භාවිතාකරන්නන් ඉලක්ක කරගත් මෙහෙයුම් දැඩිකර ඇති නමුත් එම ජාවාරමෙන් ලාභ ලබන්නන් මැඩලීමට තවත් බොහෝ පියවර ගත යුතුව ඇතැයි විවේචකයෝ පෙන්වා දෙති.

.