කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Image copyright AP
Image caption ප්‍රහාරයෙන් පසු දැඩි ආරක්‍ෂාව

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකින් අඩුතරමින් විසිදෙනෙකුවත් මරණයට පත් වී ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසති.

අධිකරණ භුමියේ රථගාල තුළ සිදුවූ මෙම ප්‍රහාරයෙන් හතළිස්පස්දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නොමැති නමුත් මෑතකදී තාලිබාන් ඇතුළු කැරලි කණ්ඩායම් විසින් බෝම්බ ප්‍රහාර කිහිපයක්ම එල්ල කරනු ලැබ තිබුණි.

සාමාන්‍ය වැසියන්

සේවය නිමකර නිවෙස් බලා යන අධිකරණ සේවකයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව බලධාරීහු පවසති.

ඇෆ්ගනිස්ථානයේ සිදුවන ප්‍රහාරයන්ට ගොදුරුවී මරණයට පත්වන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව ඉහලගොස් ඇති බවත් 2016 වසරේදී පමණක් 3498 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් එක්සත් ජාතීන් සංවිධානය නිකුත්කළ වර්තාවක සඳහන් වෙයි.