'අයිෆල්' වටකොට වීදුරු පවුරක්

Image caption ලෝක උරුමයක් වන අයිෆල්

මෙම වසර අවසන් වන විට පැරිසියේ අයිෆල් කුලුන වටකොට වීදුරුවලින් හෝ හැඩකළ ලෝහයෙන් නිත්‍ය පවුරක් ඉදි කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කෙරුණි.

පැරිස් නගර බලධාරීන් විසින් එවැනි පියවරක් ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයකින් කුලුන ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි.

මේ සැලැස්ම අනුව 2016 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වෙද්දී අයිෆල් කුලුන වටකොට ඉදි කරන ලද යකඩ වැට ඉවත් කෙරෙනු ඇත.

ඒ වෙනුවට විනිවිද පෙනෙන ආරක්‍ෂිත වීදුරුවලින් හෝ ලෝහයෙන් මීටර් දෙක හමාරක් උසැති අලංකෘත වැටක් ඉදි කරන බව පැරිස් නගර බලධාරීහු පවසති.

Image caption ත්‍රස්ත තර්ජන හමුවේ කුළුණට රැකවරණ

දැනට පවතින යකඩ වැට අශෝභන නිර්මාණයක් බව පැරිසියේ සහකාර නගරාධිපතිවරයා පවසයි.